Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2019 20:15:50 Hours

යුද්ධ හමුදාව වෙතින් සාර්ථකව පුහුණුව ලැබූ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය වෙතින් සාර්ථකව පුහුණුව හැදෑරූ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් විසිපස්දෙනෙකු පසුගිය බදාදා (10) දින කොළඹ, නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී විසිර ගියහ.

යුද්ධ හමුදා කඳවුරු තුල සිදු කෙරෙන පරික්‍ෂණ කටයුතු දිගු කාලීන සෞඛ්‍ය තත්ත්වයන්ට බලපාන බැවින් දිවයින පුරා පවතින මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ පුරප්පාඩු පිරිවීමට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් මෙම පුහුණු කටයුතු ආරම්භ කරන ලදී.

මෙම සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සහභාගී වූ අතර එතුමන් විසින් පාඨමාලාව සාර්ථකව හැදෑරුවන්ට සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. Sports brands | adidas Campus 80s South Park Towelie - GZ9177