Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th August 2019 18:43:48 Hours

යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා සිවිල් වැසියන් 450 කට වැඩි ප්‍රමාණයකගේ සහභාගිත්වය

පරිසර හිතකාමී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 24 වන සේනාංකය යටතේ ස්ථාපිත 241 බලසේනාව විසින් විසින් වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ඉකුත් බදාදා (7) දින අක්කරෙයිපත්තු සින්නමුහුදුවරන් වෙරළබඩ ප්‍රදේශයේදී දියත් කරන ලදී. එහිදී ඉවත දමන ලද හිස් බියර් කෑන් සහ පොලිතින් වැනි අපද්‍රව්‍ය වෙරළ තීරයෙන් ඉවත් කරන ලදී.

මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.බී.කේ. විමලරත්න ගේ මඟ පෙන්වීම යටතේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී මේජර් යූ.එල්.සී ජයසේන සහ මේජර් ජී.ආර්.ඒ පුණ්‍යසිරි යන නිලධාරීන් ද ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙහෙයවන ලදී. එමෙන්ම මෙම වැඩසටහන සඳහා අලයාදිවෙම්බු සහ අක්කරෙයිපත්තු යන ප්‍රදේශයන්හි 450 කටත් අධික සිවිල් වැසියන් පිරිසක් සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය සඳහා 241 වන බලසේනාවේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින්, අක්කරෙයිපත්තු පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, අලයාදිවෙම්බු සහ අක්කරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, මහ නගර සභා අක්කරෙයිපත්තු, අලයාදිවෙම්බු සහ අක්කරෙයිපත්තු ප්‍රදේශීය සභා නිලධාරීන්, අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු කේ.එම්. රිෆාස් මහතා, කොලාවිල් ක්‍රීඩා සමාජයේ සමන් රාජපක්ෂ මහතා සහ ප්‍රජා නායකයින් කිහිප දෙනෙකුද සහභාගී වී තිබිණි. Sportswear Design | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival