Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2019 23:00:33 Hours

යුද්ධ හමුදාව විසින් රාගම ප්‍රදේශයේ ඉදිකරනු ලබන ‘අයති ළමා සුරකුම් මධ්‍යස්ථානය’ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීගේ නිරීක්‍ෂණයට

රාගම ප්‍රදේශයේ යුද්ධ හමුදාව විසින් ‘අයති ළමා සුරකුම් මධ්‍යස්ථානය’ නමින් ඉදිකරනු ලබන ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් වෙනුවෙන් ඉදිකරනු ලබන පළමු ළමා සුරකුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු පසුගියදා සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී, මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා එහි ඉදිකිරීම් කටයුතු වල නියැලෙන 10 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදි. අභිනවයෙන් ඉදිකෙරෙන මෙම ළමා සුරකුම් මධ්‍යස්ථානය ජුලි මස 18 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා අයති පදනමේ අනුග්‍රහය ඇතිව රුපියල් මිලියන 375 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යොදා ළමුන් වෙනුවෙන් මෙම ‘අයති ළමා සුරකුම් මධ්‍යස්ථානය’ ඉදිකරමින් පවති.

මෙම ළමා සුරකුම් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වර්ෂ 2016 දෙසැම්බර් මස 03 වන දින රාජ්‍ය ආරක්‍ෂක හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා විසින් මුල්ගල් තැබීය. Running Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp