Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th September 2019 15:40:09 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් යාපනයේ සිසුන්ට ලැප්ටොප් පරිගණක බෙදාදෙයි

ශ්‍රී නාරද විද්‍යාලයේ සහ පුතුර් හි පිහිටි මඩියේ පන්ඤාසීහ විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ලැප්ටොප් පරිගණක 6 ක් ඉකුත් බ්‍රහස්පතින්දා (05) දින යාපනයේ පිහිටි එම පාසල්හි පැවැති කෙටි උත්සවයන් හිදී බෙදාදෙනු ලැබීය.

කොළඹ 07 හී පිහිටි ශ්‍රී නාරද බෞද්ධ මධ්‍යස්ථානයේ ‘දහම් දීප’ පදනමේ අනුග්‍රහය ඇතිව පාසල් දෙකේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම ලැප්ටොප් පරිගණක ප්‍රදානය කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ මෙම උත්සව දෙක සඳහා භික්‍ෂුන් වහන්සේලා, ‘දහම් දීප’ පදනමේ සාමාජිකයින්, 521 හා 553 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් සහභාගි වූහ. Buy Sneakers | Patike