Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2021 23:41:59 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් ආරණ්‍ය සේනාසන දෙකකට වියළි සලාක පූජා කෙරේ

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට සහ අරලගංවිල ආරියධම්ම ආරණ්‍ය සේනාසනයට වියළි සලාක පාර්සල් බෙදාදීම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.

පරිත්‍යාගශීලියෙකු විසින් ලබාදුන් රුපියල් 100,200/= ක පමණ වටිනාකමින් යුතු මෙම වියලි සලාක පාර්සල් ඉකුත් ඉරිදා (19) දින ආරණ්‍ය සේනාසනවල වැඩවාසය කරන භික්‍ෂුන් වහන්සේලාගේ පරිභෝජනය සඳහා පූජා කරන ලදී.

7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රියන්ත කරවිට විසින් කරන ලද ඉල්ලිමකට අනුව මෙම වියලි සලාක පාර්සල් සඳහා අනුග්‍රාහකත්වය පණ්ඩුක පත්මපෙරුම මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ලබාදෙන ලදී.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති වියළි සලාක පාර්සල් පූජා කිරීමේ අවස්ථාවට 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ, පරිත්‍යාගශිලි පණ්ඩුක පත්මපෙරුම මහතා, ඩබ්ලිව්.එල්.එස්. වික්‍රමසිංහ මහතා, ඩබ්ලිව්ඒ.එස්.පී. හෙට්ටිආරච්චි මහතා, තරිණි දේවි මහත්මිය, ඩබ්ලිව්.එස්.එස්.පී. වික්‍රමසිංහ මහත්මිය, ඩබ්ලිව්.එස්.එස්.එස්. වික්‍රමසිංහ මහත්මිය, ඩබ්ලිව්.එස්.එස්.ඩි. වික්‍රමසිංහ මහතා සහ පී.ඩි. තුසිත කුමාරසිරි මහතා ඇතුළු කණ්ඩායම සහභාගි වූහ.

මෙම පරිත්‍යාග වැඩසටහනට 233 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරින් සහ 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි වූහ.