Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th November 2023 22:43:23 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත හම්බන්තොට යහන්ගල ප්‍රාථමික විද්‍යාලයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන්ගේ 2024 වසරේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය පාසල් උපකරණ ඔවුන් වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් නොවැම්බර් මස 23 දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, කෝට්ටේ ප්‍රදේශයේ දානපතියෙකු වන රනිල් පෙරේරා මහතා සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් සහකාර දිස්ත්‍රික් ලේකම් චන්දන රත්නායක මහතා, හම්බන්තොට යහන්ගල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති, ගුරු භවතුන්, දෙමාපියන්, යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.