30th October 2023 22:10:30 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 232 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් තොප්පිගල ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන ජනතාවගේ අක්‍ෂි පරීක්‍ෂා කිරීමේ වෛද්‍ය සායනයක් පවත්වා අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙත ඇස් කණ්ණාඩි 150 ක් බෙදාදීමේ වැඩසටහනක් ඔක්තෝබර් මස 28 දින පුලිපංචිකාල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සංකීර්ණයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව සීමාසහිත George Gunarathne Opticians ආයතනය වෙතින් මෙම වැඩසටහන සඳහා සිය අනුග්‍රාහකත්වය දැක්වීය.
මෙම වැඩසටහනේදී ඇස් කණ්නාඩි බෙදාදීමට ප්‍රථම සහභාගී වූ සියලුදෙනා වෙනුවෙන් ආහාරපාන සහ අක්‍ෂි පරීක්‍ෂණ සහ උපදේශන ලබාදෙනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ. පුෂ්පකුමාර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, 23 පාබල සේනාංකය සහ 232 පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන්, 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් බී.එම්.සී. වන්නිනායක, කෝරලපතු දකුණ ප්‍රාදේශීය ලේකම් එස්. රාජ්බාහු මහතා, සීමාසහිත George Gunaratne Opticians ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂවරුන් වන ලක්ෂමන් ගුණරත්න මහතා හා සිරී අබේගුණරත්න මහතා සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.