Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th July 2017 16:56:20 Hours

යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිත සෙසුනිලයින් වෙනුවෙන් යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් වැඩමුළුවක්

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඒකාබද්ධව සාලියවැව, කලාඔය යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විසින් යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිත 317 දෙනෙකු වෙනුවෙන් ජූලි මස 10 සිට 16 දක්වා සය දින වැඩමුළුවක් පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ආර්.බී.ටී. හත්නාගොඩ ගේ මඟපෙන්වීම යටතේ පැවැත් වූ මෙම වැඩමුළුවේ දී ‘තම විශ්‍රාම දිවිය මෙන්ම සිවිල් ජන සමාජය තුල අර්ථවත් අයුරින් ගත කිරීම’ හා ‘වෘත්තීය පාඨමාලා හැදෑරීමේ වැදගත්කම’ යන මාතෘකා ඔස්සේ දේශණ පැවැත්වු අතර, මෙහි දේශන යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පිළිගත් සිවිල් දේශකයින් විසින් පවත්වනු ලැබුහ.

Sportswear free shipping | Releases Nike Shoes