Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2017 22:24:33 Hours

යුද්ධ හමුදාවෙන් බිහිවු ප්‍රවිණ මළල ක්‍රීඩකයා ඇගයීමට

මළල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කීර්තියක් අත්කර දුන් අලව්ව, ආඩියාදෙණිය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ලුතිනන් කර්නල් දේශබන්දු ඩබ්ලිව් විමලදාසට අයත් පුද්ගලික නිවස පුර්ණ අලුත් වැඩියාවකින් පසු මැයි (31) දිනට යෙදුන සුභ මොහොතින් යතුර භාරදිමේ උත්සවය පවත්වනු ලැබීය.

ලුතිනන් කර්නල් දේශබන්දු ඩබ්ලිව් විමලදාස විසින් යුද්ධ හමුදාවට සහ රටට මහත් ආඩම්බරයක් එක් කරමින් ආසියානු මළල ක්‍රීඩා තරඟාවලියන්හි දී මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම් සහ රිදී පදක්කම් දිනා ඇත. එ්වා අතුරින් ටෙහෙරාන් නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 ඉසව්ව තප්පර 11.5 කින් නිමා කර රන් පදක්කමක් ද මීට අමතරව මීටර් 400 x 4 සහය දිවිමේ ඉසව්වේ දී රන් පදක්කමක් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් හිමි කර දී ඇති අතර, ඔහු විසින් ජාතික සහ යුද්ධ හමුදා වර්ණ හිමි කරගෙන ඇත.

ගැමුණු හේවා බලකායට අයත් මෙම විශ්‍රාමික නිලධාරිගේ නිවසේ අලුත්වැඩියාවක් සිදු කල යුතු බව දැනගත් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උපුල් විතානගේ යුද්ධ හමුදා රණවිරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව රුපියල් ලක්ෂ 4.5 ක් වැයකර කුරුවිට ගැමුණු හේවා බලකා මුලස්ථානයේ භට පිරිස්හි සහයෝගය ඇතිව සති තුනක් පමණ කෙටි කාලයකදි අලුත්වැඩියා කටයුතු නිම කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්විමෙන් සියලු රෙජිමේන්තු වල විශ්‍රාමික ප්‍රවීණයන් ඇගයීමේ වැඩසටහන යටතේ මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කල අතර, ගැමුණු හේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායකගේ අධීක්ෂණය යටතේ මෙම නිවසේ අලුත්වැඩියා කටයුතු සිදු කරන ලැබුහ.

මේජර් ජෙනරාල් උපුල් විතානගේ විසින් බදාදා (31) දින පැවති චාම් උත්සවයකදි මෙම විශ්‍රාමික නිලධාරිහට නිවසේ යතුර භාර දුන් අතර, මෙම අවස්ථාවට බ්‍රිගේඩියර් (විශ්‍රාමික) එච්.එන්. හලංගොඩ, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධියක, ගැමුණු හේවා රෙජිමේන්තු නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, රණවිරු ඇපරල් ආයතනයේ අණදෙන නිලධාරි සහ ආරාධිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

Sports brands | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov