Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2017 13:07:56 Hours

යුද්ධ හමුදාධිපති සියෝල් නුවර ඉන්දු-ආසියා-ශාන්තිකර කලාපීය යුද්ධ හමුදාපතිවරුන්ගේ සමුළුවට (PACC) සහභාගි වේ.

කොරියාවේ සීයෝල් නුවර ‘උත්සාහයේ එක්සත්භාවය ; සාම්ප්‍රදායික නොවන තර්ජන මැඩපැවැත්වීමෙහිලා ගොඩබිම් හමුදාවන්හි හා සාමාන්‍ය ප්‍රජාව අතර එකමුතුව’(‘Unity of Effort: Building Civil-Military Partnerships in Land Force Response to Non-Traditional Security Threats’) යන තේමාව යටතේ දැන් පැවැත්වෙන සිව් දින ශාන්තිකර කලාපීය යුද්ධ හමුදාපතිවරුන්ගේ සම්මන්ත්‍රණයට (PACC) යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු ඉන්දු-ආසියා-ශාන්තිකර කලාපීය ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින් රැසක් සහභාගිවේ.

සෑම වර්ෂ දෙකකට වරක් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය මෙවර 18 සඳුදා දින නිල වශයෙන් ආරම්භ වු අතර එහිදී ඉන්දු-ආසියා-ශාන්තිකර කලාපීය විවිධ රටවල් / ජාතින් 29 ක් නියෝජනය කරමින් යුද්ධ හමුදාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් පැමිණ සිටියහ. දකුණු කොරියානු යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් කිම් යෝන්ග්-වු(General Kim Yong-woo) සහ ඇමෙරිකානු හමුදා ප්‍රධානි මාර්ක් ඒ. මිලේ (General Mark A. Milley)ගේ සමාරාධනයෙන් මෙවර සම්මන්ත්‍රණය පවත්වනු ලැබේ.

සඳුදා (18) දින පැවැති සමාරම්භක සැසියේ ප්‍රධාන දේශණය එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් (Ban Ki-Moon)මහතා විසින් පවත්වන ලද අතර දකුණු කොරියාවේ ඇමෙරිකානු හමුදා අණදෙන නිලධාරි ජෙනරල් වින්සන්ට් කේ. බෲක්ස් (General Vincent K. Brooks), දකුණු කොරියාවේ ඇමෙරිකා එක්සත් ජනපද හිටපු තනාපති චෝයි යන්ග්-ජින් (Mr. Choi Young-jin)මහතා සහ බෲකින් ආයතනයේ (Brookings Institution)ජ්‍යෙෂ්ඨ විද්වත් මිෂෙල් ඕ’ හැන්ලන් (Michael O’ Hanlon)ද සහභාගි විය.

දසවන වරටත් මෙසේ පැවැත්වෙන ශාන්තිකර යුද්ධ හමුදා ප්‍රධානින්ගේ සම්මන්ත්‍රණයට සමගාමිව දකුණු කොරියාව විසින් එම සම්මන්ත්‍රණ පරිශ්‍රයේම සැප්තැම්බර් මස 18 සිට 21 දින දක්වා ශාන්තිකර යුද්ධ හමුදා පරිපාලන සම්මන්ත්‍රණය (PAMS) ද පවත්වනු ලැබේ.

යුද්ධ හමුදාධිපතිතුමා සමග ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරින් කිහිපදෙනෙකු ද සියෝල් නුවර දැන් පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් සිටි.

Best jordan Sneakers | Releases Nike Shoes