Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2017 15:24:45 Hours

යුද්ධ හමුදාධිපති යක්කල යුද්ධ හමුදා රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ ආබාධිත රණවිරුවන් දිරිගන්වයි

යුද්ධ හමුදාධිපතිතුමා සඳුදා (31) දින ආබාධිත රණවිරුවන් සේවයේ නියුතු යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සංචාරය කරන ලදි.

යුද්ධ හමුදා යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් උදය හේරත් සමඟින් යක්කල රණවිරු ඇපරල්හි සේනාවිධායක විසින් මෙහි පැමිණි යුද්ධ හමුදාධිපතිතුමා පිළිගත් අතර, භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව පසුකරගෙනයාමේ සම්මාන මුරයක් (drive-past Guard Turnout) ද පිරිනමනු ලැබීය.

එහිදි යුද්ධ හමුදාධිපතිතුමා, කර්මාන්ත ශාලා පරිශ්‍රය, සෙසු නිල නේවාසික පහසුකම්, නිෂ්පාදන අංශය, පිහිණුම් තටාකයේ ඉදිකිරිම් කටයුතු නිරික්ෂණය කළ අතර, අනතුරුව එහි සේවයේ නියුතු ආබාධිත රණවිරුවන් ඇතුළු භට පිරිස් 500 කට අධික පිරිසක් ඇමතීම ද සිදු කරන ලදි.

රැස්ව සිටි පිරිස ඇමතු ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, රණවිරු අපරල් කර්මාන්ත ශාලාවේ තත්වය ජාත්‍යන්තර මට්ටමට රැගෙන ඒම සඳහා හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවත්, අනාගතයේ දී ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමෙන් රටට විදේශ විනිමය උපයා ගැනීමට ඔබගේ දායකත්වය වැදගත් වන බවත් පැවසීය. තවද, දැනටමත් යුද්ධ හමුදාවට අවශ්‍ය උසස් ප්‍රමිතීන්ගෙන් යුත් යුද්ධ හමුදා නිල ඇඳුම්වලින් 85% ක් සපයමින් සිටින ඔබ හට අනාගතයේ දී 100% ධාරිතාවය කරා ළඟා විය හැකි බවද මෙහිදි වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම, යුද්ධ හමුදාධිපතිවරයා විසින් දැනට ඉදිවෙමින් පවතින පිහිණුම් කටාකයේ ඉදිරි වැඩකටයුතු ලබන සැප්තැම්බර් මාසය වනවිට නිමා කරන ලෙස සේනාවිධායකවරයා වෙත උපදෙස් ලබාදුන් අතර, කර්මාන්ත ශාලවේ සේවයේ නියුතු අය සමඟ සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ අදහස් හා යෝජනා පිළිබඳව ද විමසා සිටින ලදි.

එහිදි, යුද්ධ හමුදාධිපතිවරයා මෙම සංචාරය සිහිවනු වස් පැළයක් රෝපණය කළ අතර, විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි අත්සන් තබමින් සියලු නිලයන් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනිසිටියහ.

තවද, යුද්ධ හමුදාධිපතිතුමා විසින් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ඉදිකිරිම් කටයුතුවල නිරත ඉංජිනේරු සේවා බලකා භට පිරිස් සමඟ සුහඳ කතාබහක නිරත වෙමින් ඔවුන් දිරීමත් කළ අතර, සිදු කරමින් පවතින ඉදිකිරිම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ද උපදෙස් ලබාදෙනු ලැබීය.

ආබාධිත සෙබලුන් සඳහා වෘත්තීය පුහුණුවක් ලෙස ඇගලුම් කර්මාන්තය පිළිබඳ පුහුණුවක් ලබාදිමේ උචිතභාවය හඳුනාගත් එවකට පුනරුත්ථාන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ විශ්‍රාමික බ්‍රිගේඩියර් එච්.අයි.කේ. ප්‍රනාන්දු විසින් එවකට හමුදාධිපතිව සිටි විශ්‍රාමික ජෙනරාල් එල්.එච්. ද සිල්වා ගේ ආශීර්වාදය මත 1993 වර්ෂයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.

මේ අනුව, යක්කල රණවිරු ඇපරල් ආයතනය 1996 මාර්තු 26 දින ධානපති ඩෙවිඩ් මේරික් පිරිස් මහතා විසින් පරිත්‍යාග කරන ලද අක්කර 5 ක භූමිභාගයක දී ආරම්භ කළ අතර, මෙම වෘත්තීය පුහුණුවේ ඇති වැදගත්කම හේතුවෙන් පසුව එතුමා විසින්ම තවත් අක්කර 5 ක භූමිභාගයක් එහි වටිනාකමට ලබාදෙන ලදී.

මහන මැෂින් 25 ක් සහ ආබාධිත සෙබලුන් 60 දෙනෙකුගෙන් යුක්තව 1997 අගෝස්තු මස දී මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අතර, ට්‍රයිස්ටර් ඇපරල් ආයතනයේ නිර්මාතෘ කුමාර දෙවපුර මහතා සහ ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත සහ ඇගලුම් ආයතනය මේ සඳහා සහාය දක්වනු ලැබුහ.

Best Authentic Sneakers | Nike Shoes, Sneakers & Accessories