Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th August 2017 14:34:02 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ෆිල්ඩ් මාර්ෂල් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අඟහරුවාදා (10) දින උදෑසන ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.

ප්‍රථමයෙන් රාජගිරියේ පිහිටි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුවු අතර, එහිදි පැවති සුහද හමුවේදි ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නව ධුරය වෙනුවෙන් සුභපැතුම් එක් කරමින් ජාතික ආරක්ෂාව හා සම්බන්ධ වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබුහ.

මෙම සුහද හමුව අවසානයේ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් යුද්ධ හමුදාධිපතිවරයා වෙත සංකේතාත්මක සමරු තිළිණයක් පිළිගැන්වු අතර, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ෆිල්ඩ් මාර්ෂල්වරයා ගේ කාර්යාලයේ පිහිටි සමරු පොතේහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.

අනතුරුව, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිවරයා අතර පැවති හමුවේදි, යුද හමුදාවට වැදගත් ඉදිරී කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

එමෙන්ම, ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නව තනතුරට සුභපැතුම් එක්කළ අතර, අනතුරුව දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

Sportswear Design | Nike Shoes, Sneakers & Accessories