Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2019 07:53:55 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන් අමතයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් ඉරිදා (08) දින වැලිකන්දේ සිට මින්නේරිය දක්වා යන ගමනේදී, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් ඇමතීය.

පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ට, ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරනැමූ අතර යුද්ධ හමුදාධිපතිතුමන් කඳවුරු සම්මාන මුරය පසුකරගෙන යනු ලැබීය. පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයශාන්ත ගමගේ විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පාබල පුහුණු මධ්‍යස්ථානයේ කාර්යභාර්ය සහ වගකිම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් මගින් දැනුවත් කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කරන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් අමතනු ලැබීය. එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකළ සිය දේශනයේදී යුධබිමේ දී සහ රටේ ආරක්‍ෂාව වෙනුවෙන් පාබල සහ ඒ ආශ්‍රිත මෙහෙයුම් පිළිබඳ අධ්‍යයනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

දේශනය අවසානයේ පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායකතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.

පාබල පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයෙන් නික්මයාමට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාව සංකේවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘නා’ පැළයක් රෝපණය කළ අතර විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වුහ. jordan release date | Air Jordan Sneakers