Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st September 2020 10:00:58 Hours

යාපනය වඩුකෝඩෙයි බටහිර ප්‍රදේශයේ පිහිටි ‘උප්පු වජාල්’ ගොවිජන වැවෙහි අළුත්වැඩියා කටයුතු ඇරඹෙයි

යුද්ධ හමුදාව සතු විවිධ කුසලතාවයන් පිළිබඳ මහජන විශ්වාසය තවදුරටත් වර්ධනය කරමින් යාපනය මිත්‍රත්ව සංවිධානයේ (Friends of Jaffna) සහ වඩුකෝඩෙයි දකුණ ගොවි සමිතියේ සභාපති ආචාර්ය සිදම්බරන් මෝහන් මහතා විසින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් වඩුකෝඩෙයි බටහිර ප්‍රදේශයේ චන්කනායි පිහිටි ‘උප්පු වජාල්’ (Uppu Vajal) ගොවිජන වැවෙහි අළුත්වැඩියා කටයුතු ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ වැදගත්කම සැළකිල්ලට ගත් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර සමඟින් යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලෙයි මහේෂාන් මහතා, ත්‍යාහී පුණ්‍යෘධාර භාරයේ නිර්මාතෘ සහ සභාපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා ඇතුළු එම ව්‍යාපෘතියේ අනුග්‍රාහක භවතුන් මෙන්ම ‘යාපනය මිත්‍රත්ව’ සංවිධානයේ සභාපති සිදම්බරන් මෝහන් මහතා සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක ඇතුළු එම ප්‍රදේශයේ තවත් ප්‍රමුඛ පුරවැසියන් කිහිපදෙනෙකු එක්ව යුද්ධ හමුදාව සතු බර යන්ත්‍රෝපකරණ යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය, තාක්‍ෂණික, ඉංජිනේරු හා යන්ත්‍රෝපකරණ සහය යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව සහ 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් සපයනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ අනුග්‍රාහක භවතුන් මෙන්ම ආගමික නායකයින්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානි, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. Sport media | GOLF NIKE SHOES