Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

09th August 2016 19:39:42 Hours

යාපනය භට පිරිස් ‘නිරෝගීමත් ලෝකය තුළ යහපත් ජීවිතයක්’ පිළිබඳව දේශණයක

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් ‘හරිත දේශයක් තුළින් නිරෝගීමත් ලෝකය තුළ යහපත් ජීවිතයක් පිළිබඳව’ දේශණයක් සඳුදා (8) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය. මෙහිදී භට පිරිස් සදාචාර විරෝධි ආහාර වෙළද දැන්වීම්, ඊ අංක, පිරිසර හිතකාමී සංරක්ෂණ ක්‍රම සහ පරිසරය ආරක්ෂා කර ගනිමින් නීරෝගීමත් ජීවන රටාවක් පවත්වාගෙන යාම පිළබඳව ද දැනුවත් කරනු ලැබීය. පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානයෙහි සභාපතිනි කාංචනා වීරකෝන මහත්මිය විසින් දේශණය පවත්වනු ලැබීය. එම අවස්ථාව සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරින් කොමිෂන් නොලත් නිලධාරීන් 120 දෙනෙකු සහ සිවිල් සේවකයින් 28 දෙනෙකු සහභාගි වූහ.