Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2020 08:01:25 Hours

යාපනය භටපිරිස් විසින් ඉදිකළ තවත් නව නිවසක් අඩු ආදායම්ලාභි පවුලක් වෙත පරිත්‍යාග කෙරේ

ත්‍යාහී පූණ්‍යාධාර භාරයේ (Thiyahie Charitable Trust) නිර්මාතෘ සහ සභාපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතාගේ අනුග්‍රහය ඇතිව යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් කෝපායි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් ඉකුත් අඟහරුවාදා (23) දින පැවැති චාම් උත්සවයකදී නිවාසලාභින් වෙත පවරාදෙනු ලැබීය.

කෝපායි ප්‍රදේශයේ පදිංචි යෝගේන්ද්‍රන් යෝකි මහත්මිය වෙත අභිනවයෙන් ඉදිකරන ලද නව නිවස ඉදිකිරිමට ඉඩම සහ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පරිත්‍යාගශීලි වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා විසින් ලබාදුන් අතර අභිනවයෙන් ඉදිකරන ලද නව නිවස හින්දු සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සහ පරිත්‍යාගශීලී වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා විසින් පීත්ත පටිය කපා විවෘත කරන ලදී. එම අවස්ථාවේදී නිවාසලාභියා දිරීගන්වමින් විශේෂ ත්‍යාග පාර්සල් කිහිපයක් ද ලබාදෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක විසින් සම්බන්ධීකරණය කළ අතර මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 511 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නව නිවස ඉදිකරන ලද භඨ පිරිස් සහභාගි වුහ. best shoes | Jordan Shoes Sale UK