Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th June 2020 16:37:04 Hours

යාපනය ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුලක් සඳහා තව නව නිවසක් ඉදිකිරිම සඳහා අත්තිවාරම් යොදයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන ‘නිවාස ඉදිකිරීම්’ ව්‍යාපෘතියට තවත් ජවයක් ලබා දෙමින්, යාපනයේ ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් ඉකුත් සිකුරාදා (12) දින පැවති කෙටි උත්සවයකදී යාපනය කරණවායි ප්‍රදේශයේ ජීවත්වන නීලජිනි (Mrs. G. Nilajini) මහත්මිය සහ ඇගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකිරිමට නියමිත නව නිවහනට මුල්ගල තැබීය.

යාපනයේ ආරක්‍ෂක සේනා ආඥාපතිගේ ඉල්ලීමකට අනුව දකුණු පළාතේ ජීවත්වන කුමාර වීරසූරිය මහතා විසින් මෙම ඉදිකිරිම් කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා අනුග්‍රහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති අතර, 551 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ නිවසේ ඉදිකිරිම් කටයුතු සිදු කිරිමට 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත. තවද ඉදිකිරීම් කටයුතු සඳහා තාක්ෂණික හා ඉංජිනේරු විශේෂඥයින්ගේ ද සහය හිමිවනු ඇත.

මුල්ගල තැබිමේ සමාරම්භක උත්සව අවස්ථාව සමාජ දුරස්ථ භාවය තබාගනිමින් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සිදු කළ අතර, එම අවස්ථාවට 55 වන සේනාංකයේ සේනාංකාධිපති, 551 වන බලසේනාවේ බලසේනාධිපති සහ 553 වන බලසේනාවේ බසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නව නිවසේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධව කටයුතු කරනු ලබන යුද්ධ හමුදා භටයින් ද සහභාගී වූහ. Sportswear Design | M2k Tekno