Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2017 13:58:36 Hours

යාපනය ප්‍රදේශයේ ආරක්ෂක හමුදාවන් පරිහරණය කළ අක්කර 54 ක් මුල් පදිංචිකරුවන් හට

යාපනය දිස්ත්‍රික්කයේ මහජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ඉල්ලීමට සුභවාදි ප්‍රතිචාරයක් ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මයිලඩි ධීවර වරාය ඇතුලුව තයිඩ්ඩි ග්‍රාම නිලධාරී වසමට අයත් අක්කර 54 ක භූමි ප්‍රදේශයක් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම සඳුදා (03) දින සිදු කරනු ලැබීය.

මේ අනුව අවතැන් මධ්‍යස්ථානවල රැදි සිටින පවුල් 187 ක් මෙම ඉඩම් නිදහස් කිරීම නිසා 30 වසරකට පසු නැවතත් තමන්ගේ මුල් ඉඩම්වල පදිංචිවීම සඳහා පැමිණෙනු ඇත. මීට පෙර ද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය මඟින් 2017 අප්‍රේල් මස 07 වන දින ඌරණි ප්‍රදේශයේ ඌරණි ධිවර වරාය ඇතුලු අක්කර 35 ක් එම ඉඩම්වල මුල් අයිතිකරුවන් හට නිදහස් කර ලබා දී ඇත.

සඳුදා (03) දින පැවති මෙම ඉඩම් අක්කර 54 ලබාදීමේ උත්සවය ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලදි. එහිදි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් මහතා වෙත මෙම ඉඩම් නිදහස් කිරීමේ නිල ලේඛන ලබාදීම සිදු කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමාගේ අනුදැනුම මත යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ප්‍රදේශයේ ජිවත්වන අවතැන් වූ ජනතාව හා ධීවරයින්ගේ මානුෂීය අවශ්‍යතාවයන් පිළිබඳ ප්‍රමුඛත්වය ලබාදෙමින් ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, අදාල අමාත්‍යාංශ හා යාපනය දිස්ත්‍රික් ලේකම් සමඟින් පැවති සාකච්ඡා වට කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඉඩම් ලබාදෙන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, යාපනය දිස්ත්‍රික් ලේකම්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති, රාජ්‍ය නිලධාරීන්, ඉඩම් ලාභීන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Buy Kicks | Nike React Element 87