Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th April 2021 00:45:45 Hours

යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් සඳහා නිවසක් යුද්ධ හමුදාධිපති සුරතින් පිරිනැමේ

යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත අලුත් අවුරුදු සුභපැතුම් පිරිනැමීම සඳහා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳුදා (12) දින යාපනය, ග්‍රෑන්ඩ් බසාර් (Grand Bazaar) ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරනු ලැබූ නව නිවසක් අවශ්‍යතා සහිත පවුලක් වෙත පිරිනමන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනාවකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හින්දු චාරිත්‍රානුකූලව පැවති උත්සවයකදී නිවාසලාභි කරුණානිදි ජගදීශ්වරන් මහත්මිය වෙත නව නිවසේ යතුර භාරදුන්නේය. ඉන් අනතුරුව, සමරු ඵලකය නිරාවරණය කර නව නිවස නිවාසලාභියා වෙත නිවස ලබාදීම සංකේතවත් කරන ලදී.

මෙම අවශ්‍යතා සහිත පවුල පිළිබඳ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති දැනුවත් වීමෙන් අනතුරුව එතුමන්ගේ උපදෙස් පරිදි එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් මෙම නව නිවස ඉදිකිරීම සඳහා ඔවුන්ගේ තාක්‍ෂණික, ඉංජිනේරු සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ. එම ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරි ගේ සහ නිවාස බලධාරින්ගේ නිර්දේශ මත යාපනය ප්‍රදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම ඉදිකිරීම සඳහා මූල්‍ය දායකත්වය ලබාදෙන ලදී.

සිංහල හා දමිළ අලුත් අවුරුද්දත් සමඟ එම නිවාසලාභීන් වෙත නිවස පවරාදීමේ අරමුණ පෙරදැරිව 512 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය යටතේ 14 වන ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා සිය ශ්‍රම දායකත්වය සපයනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, යාපනයේ ඉඩම් නිලධාරින්, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්ඇල්ල, 511 සහ 512 වන බලසේනාවල බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින් සහ භටපිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සහභාගී වූහ. spy offers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov