Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2018 13:19:00 Hours

යාපනය ප්‍රදේශයේ අවතැන් වූවන් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද තවත් නිවාස 30 ක් විවෘත කෙරේ

වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිව සිටියදී ආරම්භ කල යාපනය අර්ධද්වීපයේ අවතැන් වූවන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනය, තේලිප්පලෙයි ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද තවත් නිවාස 30 ක් බ්‍රහස්පතින්දා (05) දින පැවැති උත්සවයක දී නිවාසලාභීන් වෙත භාරදෙනු ලැබීය.

මෙම නිවාස ඉදිකිරීමේ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ මූල්‍යාධාර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදුන් අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස්හි ඉංජිනේරු දායකත්වය යොදාගනීමින් මාස පහක් වැනි කාලසීමාවක් තුල ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිමාකරනු ලැබීය.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මාවේ සේනාධීරාජා මැතිතුමා විසින් මෙම නිවාස විවෘත කිරීමේ ස්මාරම්භක උත්සවයේ දී නිවාසලාභීන් කිහිපදෙනෙකු වෙත සංකේතාත්මකව එම නිවාසයන්හි යතුරු ප්‍රදානය කල අතර ඉන් අනතුරුව, තෙලිප්පලෙයි ආදර්ශ ගම්මනායේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහ රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

පසුගිය සතියේ, මෙම ව්‍යාපෘතියට සමගාමීව තවත් නිවාස 25 ක් නල්ලිනක්කපුරම් ගම්මානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන්, යාපනය දිස්ත්‍රික් ලේකම් තුමන් සහ අනෙකුත් විශේෂ ආරාධිතයින් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයක දී නිවාසලාභීන් වෙත නීල වශයෙන් පවරාදෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතියට සමගාමීව තවත් නිවාස 100 ක් කීරමලේ ප්‍රදේශයේ දී මීට මාස කිහිපයකට පෙර ඉදිකර සිවිල් වැසියන් වෙත භාරදෙනු ලැබීය.

affiliate link trace | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify