Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th April 2017 17:00:56 Hours

යාපනය නව ආඥාපති 55 වන සේනාංකයේ සංචාරයක

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි අඟහරුවාදා (04) දින 55 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කරන ලදි.

එහි පැමිණි ආඥාපතිතුමන්ව 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න විසින් පිළිගත් අතර, හමුදා සම්ප්‍රදායානුකූලව නව ආඥාපතිතුමන් වෙත 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනමනු ලැබීය.

තවද, මෙම සංචාර සිහිවනු වස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලදි.

අනතුරුව 55 වන සේනාංක මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී එහි සේනාංකාධිපති ප්‍රදේශයේ වගකිම් හා කාර්ය භාරයන් පිළිබඳව යාපනය ආරක්ෂක සේනා නව ආඥාපති හට විස්තර කරන ලදි.

ඉන් අනතුරුව, ආඥාපතිතුමා විසින් 551, 552 සහ 553 යන බලසේනාවන්හි නිලධාරීන් සහ සෙසු නිලයින් ද අමතන ලදි.

වැඩසටහන අවසානයේ දී ආඥාපතිතුමා සියලු නිළ භෝජන සංග්‍රහයකට සහභාගි වූ අතර, එහිදි සහභාගිවුවන් සමඟින් කතාබහක ද නිරත වූ අතර මෙම අවස්ථාව සිහිවනු වස් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබිය.

best shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ