Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2020 15:00:09 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිය 24 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

සාමය සහ සමගිය පවත්වාගනිමින්සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට,පීඩාවට පත්වූවන්ට සහාය දැක්වීමට මෙන්ම ජාතික ආර‍ක්‍ෂාව අඛණ්ඩව පවත්වා ගැනීමට කැපවීසිටින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයපසුගියදා සිය 24 වන සංවත්සරය මහත් අභිමානවත් අයුරින් සමරනු ලැබිණි.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 24 වන සංවත්සර සැමරුම් සතිය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභිමුවදී බෞද්ධ ආගමික වතාවත් සිදුකරමින් ආරම්භ වූ අතර පිළිවෙලින්ශ්‍රී නාගවිහාරය, නල්ලූර් හින්දු කෝවිල, ‘Church of Our Lady of Refuge’දේවස්ථානය සහ යාපනය මොහිදීන් ජුම්මා පල්ලිය යන පූජනීය ස්ථානයන්හී දී ආගමික වතාවත් සිදුකරමින් ඊටආශිර්වාද එක්කරන ලදී.

තවද, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කර රට වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ උත්තරීතර කැපකිරීම සිහිපත් කරමින්, පලාලි පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකිරීමේ විශේෂ උත්සවයක් ද එම සංවත්සරයට සමගාමීව ඉකුත් සිකුරාදා (19) දින සංවිධානය කර තිබිණි.

මෙම සංවත්සර වැඩසටහනටයාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඇතුළුජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූ අතරමෙම සංවත්සරය සිහිපත් කරමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේඅඹ පැළයක් ද රෝපණය කරනු ලැබීය. Sports Shoes | adidas Yeezy Boost 350