Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2019 07:14:28 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති රාජකාරී අරඹයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ඉකුත් සඳුදා (15) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.

මීට ප්‍රථම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරී කළ නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ආරක්‍ෂක අමාත්‍යංශයේ පත්වීමක් ලැබීමෙන් අනතුරුව, අනුප්‍රාප්තිකයා වශයෙන් පත්වූ මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය එම ධූරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ප්‍රධාන දොරටුව අභියසදී, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, පැවැති සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය. නව ආඥාපතිතුමන් සිය කාර්යාලයේදී, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගත් අතර එම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන් ද සහභාගි වූහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කල නව ආඥාපතිතුමන් සිය අනාගත දැක්ම පිළිබඳව භටපිරිස් අමතමින් පැහැදිලි කළේය. ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකින් රාජකාරී භාරගැනීමේ උත්සවය අවසන් විය. රාජකාරී භාරගැනීමට ප්‍රථම නව ආඥාපතිතුමන් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුද කරන ලදී.

මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම 59 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී සිදුකරන ලදී. Buy Sneakers | Women's Sneakers