Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st May 2018 14:40:09 Hours

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් පලාලි ගුවන් තොටුපල නැරඹිමට පාසල් සිසුන් සඳහා පහසුකම් සලසයි

යාපනය දිස්ත්‍රික්කයේ උරුම්පිරායි විද්‍යාලයේ සහ කදිරෝලි පෙර පාසලේ සිසුන් පිරිසක් 2018 අප්‍රේල් මස 27 වන දින පලාලි ගුවන් තොටුපල හි අධ්‍යාපන චාරිකාවක නිරත වුහ.

මෙම අධ්‍යාපනික චාරිකාවේදි පාසල් සිසුන් හට ගුවන් යානාවක් තුලට පිවිසිමට අවස්ථාව හිමිවූ අතර ඒ තුලින් ඔවුන් හට දැනුම් සම්භාරයක් ලබාගැනීමට හැකිවිය.

මෙම අධ්‍යාපනික චාරිකාව 521 වන බලසේනා මූලස්ථානය විසින් සම්බන්ධිකරණය කරන ලද අතර ඒ සඳහා සහභාගිවූ දෙමාපියන් සහ ගුරුභවතුන් මෙවන් අධ්‍යාපනික චාරිකාවක් සංවිධානය කිරීම පිළිබඳව යුද්ධ හමුදා භට පිරිස් වෙත සිය කෘතඥතාවය පුද කළහ.

trace affiliate link | balerínky