Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2020 16:37:54 Hours

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන් 110 දෙනෙකුට පාපැදි ප්‍රදානය කරයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ඉල්ලීමක අනුව ‘ඇමරිකා එක්සත් ජනපදයේ සීමාසහිත බ්‍රෑන්ඩ්ස් මාස්ට් කෙයාර්ස් කණ්ඩායම මාස්ට් කර්මාන්ත ශාලාවේ කොළඹ පිහිටි ශාඛාව (Limited Brands Mast Cares Team USA – Buying Office in Colombo, Mast Industries (Far East) Limited) යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට පාපැදි 110 ක් නොමිලේ ලබාදීම සඳහා ඉදිරිපත් වූ අතර ‘තෛයිපෝංගල්’ උත්සවයට සමගාමීව බදාදා (08) දින යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැවැති උත්සවයකදී මෙම පාපැදි තොගය බෙදාදෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහභාගි වූ අතර පාසල් සිසුන්ට නොමිලේ පාපැදි බෙදාදීම සඳහා ශ්‍රී ලංකාවේ මාස්ට් කර්මාන්ත ශාලාවේ ආධාරක මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ පරිපාලක ඩයනා ක්‍රාමීර් මහත්මිය ඇතුළු නියෝජිතයින් කිහිපදෙනෙකු සහභාගි වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා මාවිඩ්ඩිපුරම් ශ්‍රී කන්දස්වාමි හින්දු කෝවිලේ ප්‍රධාන කුරුක්කල්තුමන්, ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු ආඥාපති, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ මාස්ට් කර්මාන්ත ශාලාවේ සාමාජිකයින්, සර්වෝදය යාපනය ශාඛාවේ නිලධාරීන්, භටපිරිස්, පාසල් සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් සහභාගි වූහ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහභාගි විය. Nike air jordan Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5