Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th August 2019 19:03:43 Hours

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 55 වන සේනාංකයේ සංචාරයක

මෑතකදි රාජකාරි භාරගනු ලැබු යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ඉකුත් සඳුදා (05) දින 55 වන සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරත විය.

55 වන සේනාංකය පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්ව, 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවේගොඩ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව සේනාංකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ නව ආඥාපතිතුමන් දැනුවත් කරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් අමතනු ලැබීය. ඉන් පසුව නව ආඥාපතිතුමන් 55 වන සේනාංක බලප්‍රදේශයේ නිල සංචාරයක නිරත වුහ. Nike Sneakers | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify