Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2016 17:39:20 Hours

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙන් තවත් වැඩමුළුවක්

ශ්‍රී ලංකා ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ සහාය ඇතිව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් අගෝස්තු මස 01 සිට 05 දක්වා ‘ජීවත්වීමේ කලාව සහ පෞර්ෂ වර්ධනය’ යන මැයෙන් වැඩසටහනක් ආරක්ෂක සේනා මුලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි. යුද හමුදා භට පිරිස් අතර විශ්වාසීභාවය, අවස්ථානුකූලව මුහුණදීමේ හැකියාව, සරල සහ ප්‍රිතීමත් ජීවිතයක් පවත්වාගෙනයාම අරමුණු කරගෙන මෙම වැඩමුළුව පැවැත්විය. මෙම වැඩමුළුව යුද හමුදාපතිතුමාගේ ආශීර්වාදයෙන් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සමිබන්ධිකරණයෙන් සිදු කෙරිනි. තවද, මෙම ව්‍යාපෘතිය සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සහාය දැක්විය. ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ ක්‍රිෂාන් ගෝපාල් මහතා සහ ලංකා ජයසේකර මහතා ද මෙම වැඩසටහන සඳහා දායක විය. නිලධාරීන් 12 ක් සහ කොමිෂන් නොලත් නිලධාරීන් 20 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 32 ක් මේ සඳහා සහභාගි විය.Running sport media | Nike sneakers