Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th October 2017 17:38:57 Hours

යාපනයේ ස්ථානගත 17 වන ගැමුණු හේවා බලඇණි භට පිරිස් කයිට්ස් හී රෝගීන්ට ලේ පරිත්‍යාග කරයි

ආරක්ෂක සේනා මුලස්ථානය යාපනය යටතේ රාජකාරීන් ඉටුකරන 17 වන ගැමුණු හේවා බලඇණිය, කයිට්ස් මුලික රෝහලේ සහ යාපනය ශික්ෂණ රෝහල් ලේ බැංකුවේ ඉල්ලීමකට අනුව බදාදා (25) දිනට යෙදී ඇති එම බලඇණි 9 වන සංවත්සර දිනයට සමගාමීව යාපනය ප්‍රදේශයේ රෝගීන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කරන ලදී.

17 වන ගැමුණු හේවා බලඇණි අණදෙන ණිලධාරි ලුතිතන් කර්නල් ලක්ෂාන් පෙරේරා ඇතුළු නිලධාරින් සහ සෙසු නිලයින් 63 දෙනෙකු මෙසේ යාපනය ප්‍රදේශයේ රෝගීන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කලහ.

වෛද්‍ය වයි ජදුන්දනන් මහතා ඇතුළු යාපනය ශික්ෂණ රෝහල් ලේ බැංකුවේ සහ කයිට්ස් මුලික රෝහලේ වෛද්‍ය මණ්ඩලය මෙම ලේ දන් දීමේ වැඩසටහන සාර්ථක කරගැනීමට සහය ලබාදුන්හ.

යුද්ධ හමුදාධිපතිතුමාගේ අනුග්‍රහයෙන් යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් මෙම ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට අනුමැතිය ලබාදී තිබුණි.

Nike footwear | Nike Shoes