Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2020 10:40:12 Hours

යාපනයේ යුද්ධ හමුදා සාමාජිකයින් දේශනයකට සවන්දෙයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික සමතුලිතතාවය මෙන්ම ආකල්ප සහ ප්‍රවේශයන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් මනෝචිකිත්සක සහ උපදේශක අමා දිසනායක මහත්මිය විසින් හරවත් දේශනයක් පවත්වන ලදී.

‘ආකල්ප සංවර්ධනය හා මානසික කළමනාකරණය’ තේමාව ඔස්සේ උපදේශකතුමිය විසින් ඉරිදා (12) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ මෙම දේශනය සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ උපදෙස් මත පැවැති මෙම දේශනය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට අධික පිරිසක් සහභාගී වූහ. Adidas footwear | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ