Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th February 2018 15:58:57 Hours

යාපනයේ භට පිරිස් නිදහස් දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක

70 වන නිදහස් දිනයට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භට පිරිස්, සිවිල් වැසියන්, විවිධ පරිසර සංවිධාන හා එක්ව පරිසර හිතකාමී ව්‍යාපෘති රැසක් සංවිධානය කරනු ලැබීය.

ඒ අනුව,51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සේනවිරත්න ගේ මඟපෙන්වීම මතඑම සේනාංකයේ භට පිරිස්,සිවිල් වැසියන් හා රාජ්‍ය නිලධාරින් එක්ව යාපනය නගර සීමාව පුරා රුක් රෝපණය ව්‍යාපෘතියක් දියත් කළහ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත දිවුල් පැළ 50 ක්, තල් පැළ 100 ක් ඇතුළු ආර්ථික වටිනාකමින් යුතු පැළ 1000 ක් පමණ එදින සහභාගි වූවන් විසින් රෝපණය කරන ලදී.

මේ අතර, 512 වන බලසේනාවේ භට පිරිස් විසින් යාපනය චෙන්මිනි හන්දියේ සිට 313 වැනි කිලෝමීටර් කණුව දක්වා ඒ9 මාර්ගය දෙපස තල් පැළ 100 ක් පමණ රෝපණය කරන ලදී.

latest Running Sneakers | Patike