Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th August 2019 09:10:50 Hours

යාපනයේ භටපිරිස් පොල් වගාකිරීමේ ව්‍යාපෘතිය නොකඩවා පවත්වාගෙන යයි

‘අපි රට වෙනුවෙන් එකට සිටිමු - 2019’ වැඩසටහන යටතේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන පොල් පැළ වගා කිරීමේ ව්‍යාපෘතියට දිරිගැන්වීමක් ලබාදෙමින් ඉකුත් සඳුදා (19) දින පලාලි ප්‍රදේශයේදී පැවැති පොල් පැළ වගාකිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් අධියරක් සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය එක්විය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය හා යාපනය දිස්ත්‍රික් මහලේකම් කාර්යාලය සමඟ සහයෝගයෙන් යුතුව යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල ජීවනෝපාය නගා සිටුවීමේ අරමුණින් දිගුකාලීන ආර්ථික නිෂ්පාදනයක් ලෙස මෙම පොල් වගාකිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

ප්‍රදේශයේ සිටින අනෙකුත් සාමාජිකයින්ට ද මෙම ව්‍යාපෘතිය පිළිබඳ උනන්දුවක් ඇති කිරිමට මේජර් ජෙනරාල් වනිගසූරිය, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සමඟ එක්ව මෙම පොල් පැළ සිටුවීම සිදුකරන ලදී. jordan Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth