Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th June 2020 18:58:17 Hours

යාපනයේ තවත් අසරණ පවුලකට නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තබයි

යාපනය, උඩුවිල් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (20) දින පැවැති උත්සවයකදී මුල්ගල තබනු ලැබීය.

නිවාසලාභි නන්දනී රදීශ්වරන් මහත්මිය සහ ඇගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ සොයාබැලීමෙන් අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව දකුණේ පරිත්‍යාගශීලියෙකු වන කුමාර වීරසූරිය මහතා ඇතුළු පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු නව නිවස ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය මිළදී ගැනීමට මූල්‍යමය පිරිවැය දැරීමට ඉදිරිපත් විය. 511 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාදෙනු ලබයි.

නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඉදිකිරීම් කටයුතු සඳහා සම්බන්ධවන සෙබළුන් සහ නිවාසලාභියාගේ පවුලේ සාමාජිකයින් සහභාගී වූහ. Best Authentic Sneakers | Asics Onitsuka Tiger