Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2019 20:44:21 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් අතපත්තු උණුසුම් අයුරින් පිළිගනී

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙන් බිහිවී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරීයා වන යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ හා හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු ඉකුත් බ්‍රහස්පතින්දා (4) දින දඹුළුහල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා ගෞරවාචාර මධ්‍යයේ ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව මේජර් ජෙනරාල් අතපත්තු, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රථම මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීයවාදී නීති අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.ජී.ඩී.එන්. ජයසුන්දර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 11 වන සේනාංකයේ ව්‍යාපෘති භාර නිලධාරී බ්‍රිගේඩියර් එච්.එම්.එස් හේරත්, යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එච් බාලචන්ද්‍ර සහ රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්.ජේ. ප්‍රියදර්ශන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

රෙජිමේන්තු මූලස්ථානයේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබූ අතර අනතුරුව, තම මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් එතුමන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පුෂ්පෝපහාර පුද කළහ.

තවද, නව උසස්වීම් ලැබූ රෙජිමේන්තු අධිපතිතුමන් වෙත එම රෙජිමේන්තුව යටතේ ස්ථාපිත ඒකකයන්හී සේවයේ නියුතු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යාන්ත්‍රික පාබල සන්නද්ධ රථ පෙරටු කරගත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනි සිටි අතර දවසේ වැඩසටහන නිමාවට පත් කරමින් පැවැති සියළු නිල දිවා භොජන සංග්‍රහයට ද සහභාගී විය.

උසස්වීම් ලැබූ රෙජිමේන්තු අධිපතිතුමන්ට ගෞරවාචාර පිරිනැමීමෙන් අනතුරුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 30 වන රෙජිමේන්තු සභා රැස්වීම එතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර රෙජිමේන්තුවේ සියලු නිලධාරීන් විසින් සංවිධානය කරන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට ද රෙජිමේන්තු අධිපතිතුමන් එක්විය. latest Running Sneakers | Nike