Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2024 18:45:52 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කර්නල් ඩී.එස් වල්පිට ගමගේ ආර්එස්පී ආගමික වතාවත් සහ හමුදා සමුප්‍රදායානුකූලව පසුගිය ඉරිදා (ජනවාරි මස 07) දින රාජකාරී භාරගත්තේය.

නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගත් එතුමන් එම පුහුණු පාසලේ භටපිරිස් අමතමින් සිය ඉදිරි දැක්ම පිළිබඳ පැහැදිළි කළේය.