Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2020 15:02:27 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 13 වන සංවත්සරය බෞද්ධ ආගමික වතිවතාවත්වලට මුල්තැනක් දෙමින් අභිමානවත් අයුරින් පසුගියදා සමරනු ලැබීය. රෙජිමේන්තුවට ආශිර්වාද එක්කරමින් සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣානාවක් පවත්වා මාර්තු මස 07 වන දින දානමය පිංකමක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම සංවත්සර වැඩසටහන් මාලාව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ජේ. ප්‍රියදර්ශන ගේ උපදෙස් මත නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.කේ.එස්. පැරකුම් ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.ජි.ඩි.එන්. ජයසුන්දර ඇතුළු කමිටු සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියලුම අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම රෙජිමේන්තු කාර්ය මණ්ඩලයේ සහ ඒකකවල සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. latest Running Sneakers | Gifts for Runners