Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2020 08:07:28 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති පූනරීන් ප්‍රදේශයේ පිහිටි 5 වන (සෙව්) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින සිය මතකයන් කිහිපයක් එක් කරමින් පූනරීන්, අරසපුරකුලම් ප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන්, එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් එම්.ඒ.ඩබ්ලිව්. හේමන්ත කුමාර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියස අභිනවයෙන් ඉදිකරන ලද ඒකකයේ නාමපුවරුව විවෘත කිරීම සඳහා රෙජිමේන්තු අධිපතිතුමන්ට ආරාධනා කරන ලදී. ඉන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය රෙජිමේන්තු අධිපතිතුමන් වෙත පිරිනමන ලදී.

පසුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ රෙජිමේන්තු අධිපතිතුමන් කඳවුරට දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති නව සාකච්ඡා ශාලාව විවෘත කරන ලදී. ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ රෙජිමේන්තු අධිපතිතුමන් ඒකකයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ පැහැදිලි කළහ.

මෙම සංචාරයේ දෙවන අධියර ලෙස, මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ නිලධාරී නිවස්න සංකීර්ණය විවෘත කිරීම සඳහා රෙජිමේන්තු අධිපතිතුමන්ට ආරාධනා කරන ලදී.

සමුහ ඡායාරූපයකට පෙනී සිටි රෙජිමේන්තු අධිපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. ඉන් අනතුරුව, එතුමන් මෙම සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

රෙජිමේන්තු අධිපතිතුමන් සිදුකළ මෙම සංචාරය සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ජේ. ප්‍රියදර්ශන ඇතුළු රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගි වූහ. තවද, මෙම අවස්ථාවට නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. latest jordan Sneakers | Nike