Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th February 2020 15:08:20 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ඒ.ජි.ඩි.එන්. ජයසුන්දර ඉකුත් සිකුරාදා (07) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රාජකාරි ආරම්භ කරන ලදී.  

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.  

මෙම උත්සවය සඳහා යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්. බාලචන්ද්‍ර, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ජි. ප්‍රියදර්ශන, 11 වන සේනාංකයේ ව්‍යාපෘති නිලධාරී බ්‍රිගේඩියර් එච්.එම්.එස්. හේරත් සහ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.කේ.එස්. පැරකුම් සහභාගි වූහ.  

රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කළ රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්පාදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, නව රෙජිමේන්තු අධිපතිතුමන් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.  

මීට ප්‍රථම, මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමත් සමඟ මේජර් ජෙනරාල් ඒ.ජි.ඩි.එන්. ජයසුන්දර සිය ධූරයට පත්විය. Asics shoes | Ανδρικά Nike