Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th November 2016 12:46:14 Hours

මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි භාරගනි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 14 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි අඟහරුවාදා (01) දින වැලිකන්ද පිහිටි එම ආරක්ෂක සේනා මුලස්ථාන කාර්යාලයේ දී සිය රාජකාරි භාර ගන්නා ලදි.

නවතමයෙන් පත් වූ ආඥාපතිතුමා වෙනුවෙන් වැඩසටහන් මාලාවක් එම ආරක්ෂක සේනා මුලස්ථාන විසින් පවත්වන ලදි.

ඒ අනුව හමුදා සම්ප්‍රදායානුකූලව 7 වන කාරක ඉංජිනේරු භට පිරිස් විසින් නව ආඥාපතිතුමා වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමිම සිදු කෙරිනි.

ආඥාපති කාර්යාලයේ දී සෙත් පිරිත් සජ්ජායනා ඇතුලු ආගමික වතාවත් පවත්වමින් මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබා ගන්නා ලදි.

අනතුරුව මේජර් ජෙනරාල් ඩි.ඩි.යු.කේ. හෙට්ටිආරච්චි විසින් සංකේතාත්මකව නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාර ගන්නා ලදි.

නව තනතුරේ රාජකාරි භාර ගැනීම සංකේතවත් කරමින් අඹ පැළයක් රෝපනය කළ අතරම භට පිරිස් ඇමතීම ද සිදු කෙරිනි.

22 සහ 24 සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් සහ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති මෙන්ම 23 වන සේනාංකය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

spy offers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1