Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2016 15:58:11 Hours

මේජර් ජෙනරාල් ජේ.ආර් කුලතුංග වන්නි ආරක්ෂක සේනා ආඥාපති ලෙස සිය ධූරයෙහි රාජකාරී අරඹයි

මේජර් ජෙනරාල් ජේ.ආර් කුලතුංග වන්නි ආරක්ෂ සේනා ආඥාපති ලෙස සඳුදා (7) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන කාර්යාලයේ දී රාජකාරී භාර ගන්නා ලදි.

නවතමයෙන් පත් වූ ආඥාපතිතුමා වෙනුවෙන් වැඩසටහන් මාලාවක් එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පවත්වන ලදි.

ඒ අනුව ආඥාපති කාර්යාලයේ දී සෙත් පිරිත් සජ්ජායනා ඇතුලු ආගමික වතාවත් පවත්වමින් මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබා ගන්නා ලදි.

අනතුරුව මේජර් ජෙනරාල් ජේ.ආර් කුලතුංග විසින් සංකේතාත්මකව නිල ලේඛණවලට අත්සන් තබමින් සුභ මොහොතින් නව තනතුරේ රාජකාරි භාර ගන්නා ලදි.

නව තනතුරේ රාජකාරි භාර ගැනීම සංකේතවත් කරමින් අඹ පැළයක් රෝපනය කළ අතර භට පිරිස් ඇමතීම ද සිදු කෙරිනි.

තවද, මේජර් ජෙනරාල් කුලතුංග සියලු නිලයන් සමග තේ පැන් සංග්‍රහායකට ද සහභාගි වූහ.

වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන සියලුම සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Asics footwear | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ