Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2023 22:30:33 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පළඳවයි

උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න ආර්එස්පී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සුබසාධන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී, සඳුදා (ඔක්තෝබර් මස 16) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ ගේ සුරතින් නිල ලාංඡන සහ සංකේතාත්මක අසිපත පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන සහ සංකේතාත්මක අසිපත පිරිනැමීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත සිය සුබපැතුම් පිරිනමනු ලැබීය.

නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරල්වරුන් දෙදෙනා යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමූ සුබපැතුම් වෙනුවෙන් සිය ස්තූතිය පුදකිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.