Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th January 2024 19:37:09 Hours

මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් රචිත නිබන්ධනය ‘KINAADMAN: MNSA RC 56’ සඟරාවට

මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් ‘ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීමේ සහ මැඩලීමේ උපායමාර්ගික ප්‍රවේශයන්: ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක්’ මැයෙන් රචිත රන් පදක්කම්ලාභී නිබන්ධනය පිලිපීනයේ ආරක්‍ෂක, සංවර්ධනය සහ ආරක්‍ෂාව පිළිබඳ විශිෂ්ඨතා මධ්‍යස්ථානයේ ‘KINAADMAN: MNSA RC 56’ සඟරාව සඳහා තෝරාගෙන ඇත.

පිලිපීන ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නිත්‍ය පාඨමාලා අංක - 56 (2020/2021) යටතේ ස්ර්ථක පුහුණුවක් හදාරා ඇති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී හොඳම නිබන්ධනය වෙනුවෙන් කීර්තිමත් රන් පදක්කමක් ලබාගනිමින් එතුමන්ගේ අධ්‍යයන විශිෂ්ඨත්වය වෙනුවෙන් එතුමන් වෙත ලෝකඩ පදක්කම පිරිනැමීය.

මෙම විශිෂ්ඨ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මෙන්ම සමස්ත ජාතියටම වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.