Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2016 17:54:04 Hours

මෘදු බලයේ සබෑ යථාර්තය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සහ බාහිර කටයුතු සඳහා වඩාත් යහපත් වේ - විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා විසින් සිකුරාදා (2) උදෑසන ‘මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම’ යන තේමාව යටතේ පැවති කොළඹ ආරක්ෂක සමුළුව - 2016 අමතමින් සාමය මුදුන් පමුණුවා ගැනීමටනම් ප්‍රචණ්ඩත්වය අඩු කිරීම සුදුසු බව පවසනු ලැබීය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා විසින් සිදු කරනු ලැබූ කතාව පහතින් දැක්වේ. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් කොළඹ ආරක්ෂක සමුළුව - 2016 හි අවසන් දෙශණය පැවැත්විමට ලැබීම මහා හට මහත් ගෞරවයක් වේ. හය වන වරටත් නොකඩවා ආරක්ෂක සමුළුව සංවිධානය කිරීම පිළිබඳව මා යුද හමුදාව වෙත සිය ස්තුතිය පිරිනමනු ලබනවා. මෙමගින් යුද හමුදාව ජාත්‍යාන්තර මට්ටමේ ඉසව් සංවිධානය කිරීමට ඇති හැකියාව මනාව පිලිඹිබු කරනු ලැබේ. මෘදු බලය පිළිබඳව තවදුරටත් විසමා බැලීමේ දී මා හට ඔබගේ අවදානය තබා ගැනීම මහත් විශාල කර්තව්‍යයක් වනු ඇත. මා මීට පෙර පැවසූ දේය පිළිබඳව පුනාවර්ථනය කිරීම ඔබ හට අපහසු නොවිය යුතුය. නෝනාවරුනි සහ මහත්වරුනි, 21 වැනි සියවසේ අප සියලු දෙනාම තිරසාර අනාගතයක් උදෙසා ප්‍රවිෂ්ඨ වී සිටිනනෙමු. මානව ශිෂ්ටාචාරයේ පටන් තාක්ෂණය සහ අවි ආයුධ පවතී. නමුත් ශිෂ්ටාචාර ගැටුම් සහ මතවාදයන් මේ නව සියවසේ සැමට කරදරකාරී වේ. තාක්ෂණයේ දියුණුව මගින් මනුෂ්‍ය සංහතියේ අනාගතය විනාශවීමට අප ඉඩ නොතැබිය යුතුය. අප එයින් ගැලවීම වෙනුවෙන් රාමුවක් ගොඩනැගිය යුතුය. තවද ජාලයන් සහ ආයතන පෘථිවියේ පවැත්මට දායක විය යුතුය. මේ අපගේ පරිවර්තතීය කාලයයි. ආසියානු ආර්ථිකයේ නැගීම තුළට ගෝලීය බලය නැගෙනහිර , බටහිර සිට සංක්‍රමණය වේ. මෙම වර්ධනයන් මත සාමයේ නැගීසිටිමේ හැකියාව වර්ධනය වේ. ලෝකයේ බලයද යම් විසරණයක් වෙමින් පවතී. ජනපද තනි පුද්ගලයින්, කණ්ඩායම්, රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයින් මේ වන විට වඩ වඩාත් කැපී පෙනේ. සමහරුන් තමන්ගේ අරමුණු අස්ථාවරව නිර්මාණය කරන අතර, බොහෝ දෙනෙක් තම අරමුණු නිර්මාණාත්මකව ක්‍රියා කරයි. වත්මන් පරිවර්තනයේ ප්‍රධාන පෙරලියක් ලෙස තාක්ෂණ සහ සන්නිවේදන ආකෘතියේ ප්‍රවේශය සදහන් කළ හැකිය. 21 වන සියවසේ මෘදු බලය යන සංකල්පය වර්ධනය කිරීම සඳහා නයී නම් දාර්ශනිකයාගේ ප්‍රකාශ ඉතා වැදගත් වේ. නෝනාවරුනි, මහත්වරුනි, ගෝලීය ගැටලු මත ‘මෘදු බලයේ’ බලපෑම විශ්ලේෂණය කිරීමේ දී වැදගත්වන ප්‍රවණතා තුනක් තිබේ. පළමුවැන්න ලෝක විපර්යාසය, දෙවනුව රාජ්‍ය නොවන අංශයන් පුහුණු කිරීමට බලය විසරණය කිරීම හා පුද්ගලයින් හා කණ්ඩායම් වශයෙන් සවිබලගැන්වීම් වේ. සයිබර් අවකාශයේ හෝ ලොව පුරා අන්තර් සම්බන්දතා සොයා යෑම ‘මෘදු බලයේ ’බලපෑම් උත්සන්නවීමට හේතු වේ. රට රටවල් අතර මෘදු බලය වඩාත් බලපෑමට ලක්ව ඇතිතේ ‘ඩිජිටල් බලය’ ඔස්සේ නව සම්බන්දතා පුළුල්වීමයි. නැගෙනහිර ආසියානු සහ ආසියානු පැසිපික් කලාපය තුළ සාමය හැඩගැස්වීමේ දී බෝහෝ රටවල් ප්‍රමුඛ කාර්ය භාර්යක් ඉටු කර තිබේ. ආරක්ෂක සංවිධාන හා දේශපාලන සංවිධාන ඉන් ප්‍රධාන වේ. බටහිර බලවතුන්ගේ ‘මෘදු බලයේ’ හැකියාවන් මැකීගොස් නැත. ඔවුන් නොකඩවා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය, ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍ය, තාක්ෂණික පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්, සංස්කෘතීන් ආදිය ශක්තිමත් ආයතන ලෙස ක්‍රියාත්මක කරනු ලැබේ. ආසියාව කේන්ද්‍ර කර ගනිමින් විදේශ ප්‍රතිපත්ති හැඩගැස්වීමේ දී කලාපීය බලවතුන් ප්‍රමුඛත්වයේ ක්‍රියා කරනු ලැබේ. ආසියානු මුහුදේ විවිධ භූ දේශපාලනික පාර්ශවකරුවන්ගේ හැකියාවන් දිගින් දිගටම ස්මතු කරනු ලැබේ. බොහෝ රටවල් මෙම පරිවර්තනීය අදියරේ දී තමන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ දී මෘදු බලය යොදා ගනු ලබනවා. නෝනාවරුනි මහත්වරුනි මම අවසාන වශයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. අද ශ්‍රී ලංකාව මෘදු බලයේ යතාර්ථය අත්විදිමින් සිටින අතර, සාමකාමී නව ප්‍රවේශයන් එය පිළිගැනීමට සූදානමින් සිටියි. සාමාකාමී සමාජයේ පෙළඹවිම් සඳහා සූදානම්ව පවතී. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර නීතියේ පලනය, නීතිය ප්‍රතිසන්ධානය කිරීම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම මගින් අප රාජ්‍යයේ ‘මෘදු බලය’ වැඩි දියුණු වී ඇත.latest jordans | Nike Off-White