Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2019 18:15:20 Hours

මුල්ලිවයික්කාල් දේවස්ථානයේ මංගල්‍යයට විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස්හි සහාය

මුල්ලිවයික්කාල් බටහිර ප්‍රදේශයේ පිහිටි ‘සෙබමාලෙයි මාතා’ දේවස්ථානයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව දේවස්ථාන මංගල්‍යය පැවැත්වීම සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඉරිදා (25) දින සිය සහයෝගය ලබාදෙනු ලැබීය. 

ඒ අනුව, භටපිරිස් දේවස්ථානය අවට ධජ ඔසවා, තාවකාලික කූඩාරම් ඉදිකර මංගල්‍යය සඳහා සහභාගී වූ බැතිමතුන් 1200 කට ආසන්න පිරිසකට පානීය ජලය සැපයීමට පියවර ගත්හ.  

68 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 681 වන බලසේනාවේ බලසේනාධිපති ගේ පූර්ණ අධීක්ෂණය යටතේ 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට ආසන්න පිරිසක් මංගල්‍යයට අවශ්‍ය සහෝගය ලබාදුන්හ.  Authentic Nike Sneakers | Air Jordan Release Dates 2020