Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2020 21:51:26 Hours

මුලතිව් හා කිලිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් තෛපොංගල් පූජාවක් පැවැත්වීමට සහය ලබාදෙයි

තෛපොංගල් දිනය යෙදී තිබු ඉකුත් බදාදා (15) දින මුලතිව් භටපිරිස් ප්‍රදේශයේ යුද්ධ හමුදා භටයින් සහ හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් වටප්පලෙයි හින්දු කෝවිලෙහි විශේෂ පූජාවක් පැවැත්වීමට එක් වූහ.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් පරිදි මුලතිව් පිහිටි 64 වන සේනාංක මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම අවස්ථාවට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය දක්වනු ලැබීය.

ආගමික උත්සවය සඳහා හමුදාවේ ගෞරවය පිළිබිඹු කරමින් එම කෝවිල් උත්සවයට සහභාගී වූ බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා භටපිරිස් විසින් දන්සලක් පැවැත් වූහ.

මේ අතර, 683 වන බලසේනා මූලස්ථානය ද මෙම උත්සවය සනිටුහන් කිරීම වෙනුවෙන් එදින වල්ලිපුනම් ඉනිවාළු ඊල්ලම් ළමා නිවාසයේ ළමුන්ට කිරිබත් ඇතුළු සංග්‍රහයක් ලබාදීමට කටයුතු කෙරිනි.

64 සහ 68 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන් සහ 683 වන බලසේනාවේ බලසේනාධිපති මෙම වැඩසටහන් සංවිධානය සඳහා අවැසි මඟපෙන්වීම් සිදු කළ අතර, රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.

එමෙන්ම, 57 වන සේනාංකයේ භටපිරිසක්ද සහජීවනය හා සංහිදියාව පිළිඹිබු කරමින් ඉකුත් (15) දින කිලිනොච්චි කන්දස්වාමි කෝවිල් හි පැවති විශේෂ තෛපොංගල් උත්සවය සඳහා සහභාගී වූ අතර එම අවස්ථාව 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී. පී. ද සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති, 571, 572 සහ 574 යන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් ඇතුළු සියළු නිලයින් තෛපොංගල් උත්සවයට සහභාගී වූහ.

කිලිනොච්චිය ප්‍රදේශයේ සිවිල් වැසියන් 100 කට අධික ප්‍රමාණයක් හා යුද්ධ හමුදා සෙබළුන් 150 ක් පමණ මෙම චාරිත්‍ර සඳහා සහභාගී වූහ. Adidas shoes | nike air max 95 obsidian university blue book list