Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2016 16:33:26 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන තවත් පුහුණුවීම් දිනයක් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් යටතේ රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා පවත්වනු ලැබූ තවත් එක් පුහුණු දිනයක් බදාදා (9) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.ඩී.පී ප්‍රනාන්දුගේ මඟපෙන්වීම යටතේ එම පුහුණු වැඩසටහන පවත්වනු ලැබීය.

එහිදී බොන්සාරී කලාව පිලිබඳව දේශණය 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලුතිතන් ඩබ්.ඩී.ඊ.පී.ඩී කටුපිටිය විසින් සිදු කරනු ලැබීය.

එමෙන්ම නායකත්ව ගුණාංග පිලිබඳව දේශණය 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවෙහි සැරයන් ආර්.එම්.එන්.පී රාජගුරු විසින් සිදු කරනු ලැබීය.

එම පුහුණු වැඩසටහන සඳහා නිලධාරීන් 45 දෙනෙකු සහ සෙසු නිලයින් 102 ක් සමගින් යුද හමුදා සාමාජිකයින් 147 දෙනෙකු සහභාගි වූහ.

Running Sneakers Store | Archives des Sneakers