Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th March 2016 19:51:21 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ පුහුණු දිනය පවත්වයි

තම පුහුණු දිනය නිමිත්තෙන් ඊට අදාල වැඩසටහන ඉදිරිපත් කිරීම බදාදා (16) මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය සිදු කළේ එහි ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ උපදෙස් මතය. එහි දී 1 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් පී.ටී.කේ ද සිල්වා විසින් ‘Introduction of Fiber Optics’ මැයෙන් සහ 592 බලසේනාවේ මේජර් ඒ.පී වීරසිංහ විසින් ‘Military Role in South Asian Politics’ මැයෙන් සිය දේශන ඉදිරිපත් කරන ලදී. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි සහ තවත් මාණ්ඩලික නිලධාරින් මෙම අවස්ථාව දැකබලා ගැනීමට පැමිණ සිටියහ. එම මූලස්තානයට අයත් සේනාංක, බලසේනා සහ ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් නිලධාරීන් 50 දෙනෙක් මීට සහභාගි වූහ.Authentic Nike Sneakers | Releases Nike Shoes