Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2020 22:23:55 Hours

මුරුසමොඩ්ඩෙයි ප්‍රදේශයේ දිළිඳු පාසල් සිසුන්ට යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් පා පැදි බෙදාදෙයි

අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් තුල ඇති උනන්දුව වර්ධනය කිරීම සහ ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් වලට පහසුකම් සැලසීමේ අරමුණින් 57 වන සේනාංකය සහ 573 වන බලසේනාව එක්ව ඉකුත් අඟහරුවාදා (31) දින මුරුසමොඩ්ඩායි ප්‍රදේශයේ පිහිටි ‘නවජීවනම්’ ක්‍රිස්තියානි දේවස්ථානයේ පැවති සරල උත්සවයකදී දිළිඳු පාසල් සිසුන් 10 දෙනෙකුට ධානපතියෙකුගේ අනුග්‍රහය ඇතිව පා පැදි බෙදා දෙනු ලැබීය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වාගේ මඟ පෙන්වීම යටතේ 573 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සිල්වෙස්ටර් පෙරේරා විසින් එම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත දිළිඳු පවුල් කිහිපයක් තෝරාගැනීමෙන් අනතුරුව මෙම පරිත්‍යාග කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදී. පෞද්ගලික සමාගමක සේවකයින් පිරිසක් විසින් අඩු ආදායම්ලාභි සිසුන් සඳහා එම පාපැදි මිලදී ගැනීමට අනුග්‍රහය දැක්වූහ. මෙම පා පැදි බෙදාදීමේ උත්සවය සඳහා දෙමාපියන්, ගුරුවරුන් සහ සිසුන්ගේ ඥාතීන් ද සහභාගී වූහ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයේ සේනාංකාධිපති සහභාගී වූ අතර 573 වන බලසේනාවේ බලසේනාධිපති, 57 වන සේනාංකයේ කර්නල් ජෙනරාල් මාණ්ඩලික මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. Nike shoes | NIKE HOMME