Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th June 2020 07:33:22 Hours

මුම්බායි සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 177 දෙනෙකු දිවයිනට පැමිණේ

අද (17) දින UL-1026 දරණ මගී ගුවන් යානය මගින් චෙන්නායි සිට මගීන් 53 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, අද රාත්‍රීයේ 6E 9091 දරණ මගී ගුවන් යානය මගින් මුම්බායි සිට මගීන් 177 දෙනෙකු ද, මෙරටට පැමිණීමට නියමිතව ඇත. ඔවුන් ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අද (17) දින සන්ධ්‍යාවේ කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

අද (17) දින බ්ලූවෝටර් හොටෙල් වාද්දූව යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 02 දෙනෙකු පමණක් නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්ෂණ සිදුකර තම නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 14,393 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (17) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40 ක් තුළ පුද්ගලයින් 4,124 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටී. තවද, අද දින (1600) වන විට තවත් COVID-19 ආසාදිතයින් 08 ක් වාර්තා වී ඇති අතර, ඔවුන්ගෙන් 05 දෙනෙකු චෙන්නායි සිට පැමිණි අයවළුන් ද, දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අයවළුන් සහ වීරෝධාර එක් නැවියෙක් වේ. ඒ අනුව, පූර්ණ සුවය ලබා විසිහය දෙනෙකු (26) රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඉන් විසිඑක් දෙනෙකු (21) දේශීය සහ විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් වන අතර, පස් දෙනෙකු (05) නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් වේ.

ඒ අනුව නාවික හමුදාවේ කොව්ඩ් - 19 ආසාදිත වීරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 900 දෙනෙකු වන අතර, ඉන් 768 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. දැනට රණවිරුවන් 132 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී. Best Sneakers | Nike SB