Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2023 14:37:36 Hours

මිසයිල අවි පාඨමාලා අංක - 58 සාර්ථකව අවසන්

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වූ මිසයිල අවි පාඨමාලා අංක - 58 හි සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින පැවැත්විණි.

මසක කාලයක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් 09 දෙනෙකු සහ සෙසු නිලයින් 31 දෙනෙකු සහභාගී වූ අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සහතිකය 10 ගජබා රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් කේ.එම්.වයි.ටී ජයසේකර විසින් හිමිකර ගත්හ.