Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th November 2023 22:34:54 Hours

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක රාජකාරි අරඔයි

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 03) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායක තුමන් වෙත මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සමුප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව එම මධ්‍යස්ථානයේ අණදෙන නිළධාරී කර්නල් එස්.ජේ.එම්.එන්.එස් පෙරේරා යූඑස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබූ අතර, භටපිරිස් අමතමින් තම ඉදිරි දැක්ම පිළිබඳව පැහැදිලි කළේය.

ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළ අතර, මීට ප්‍රථම මෙම ධූරය ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.කේ ලියනවඩුගේ ආර්එස්පී හොබවනු ලැබීය.